ලිපිගෙනු හැංගු නීතිඥවරු හිරේට



කුවේටයේ ප්‍රධාන දේපල සමාගමකට විරුද්ධව ගණුදෙනුකරුවන් පවරා තිබු නඩුවලට සම්බන්ධ ලිපිගෙනු අස්ථාන ගත කිරීමසම්බන්ධයෙන් නීතිඥවරුන් පස්දෙනෙක්ටවසර දහයක සිරදඩුවම් ලබාදෙන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කර ඇත.

රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්අධිකරණ අමාත්‍යාංශයේ සේවය කරන කාන්තාවක් ඇතුළුව නිලධාරීන් කීපදෙනෙක්ටද සිරදඩුවම් නියම කර ඇත.

ලිපිගොනු අස්ථාන ගත කිරීමට නීතීඥවරුන් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් අයථා ආකාරයෙන් මුදල් ලබාගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.ඔන් ඔන්ලයින්)


RECOMMEND POSTS