ලක්ෂ තුනක් පාලම හරහා ගිහින්



සෞදි අරාබියේ පාසල් නිවාඩුව ආරම්භ වීමත් සමඟ පළමු දින තුන ඇතුලත පමණක් ලක්ෂ තුනකට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් ෆහඩ් පාලම හරහා සිය ගමනාන්ත වෙත ගොස් ඇති බවබව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විනෝද චාරිකා සඳහා පාසල් නිවාඩු කාලයේ පිටත්ව යෑම සාමාන්‍ය සිරිතක් වන අතර වාහන තදබදය විශාල ලෙස වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත.   

පුද්ගලයින් 291,021ක් ෆහඩ් පාලම හරහා ගමන් කර ඇති අතර බ්‍රහස්පතින්දා (ජන:11) 88,714ක්ද, සිකුරාදා 95,025ක්ද, සෙනසුරාදා 107,282ක් වේ.

සෞදි අරාබියට ඇතුල් වන සහ පිටව යන මෝටර් රථ වලට හැකි ඉක්මණින් ගමනාන්ත වෙත ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ෆහඩ් පාලම භාර නිලධාරින් කටයුතු කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS