රේගු සහ වරාය ප්‍රධානීන් අත්අඩංගුවට



බේරූට් පිපිරුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව බේරූට් වරායේ ප්‍රධානියාත්, ලෙබනන් රේගුවේ ප්‍රධානියාත් අත්අඩංගුවට ගන්නැයි ලෙබනන් අධිකරණයක් නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇත්තේ රේගු දෙපාර්තමේන්තු ප්‍රධානී බඩීර් දහෙර් සහ වරායේ ප්‍රධානී හසන් කොරෙයිටම් යන දෙදෙනාය.

ඩහාර් ට පෙර, රේගු ප්‍රධානියා ලෙස කටයුතු කළ සයිෆික් මෙර්හි ද අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS