රිය අනතුරකින් හතරක් මරුට



ඩුබායි නුවර පිහිටා ඇති අධිවේගි මාර්ගයක සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තුන්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

බරපතළ තත්ත්වයේ පසු වු පුද්ගලයින්ව ගුවන් මඟින් රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබු බව වාර්තා වේ.

අධික වේගයකින් රිය ධාවනය කළ රියදුරාට වාහනය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් විරුද්ධ දෙසින් පැමිණි ට්‍රක්රථයක මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් අනතුර සිදු වු බව අල්-රෂීඩියා පොලිස් අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් සෙයිඩ් හමාඩ් බින් සුලෙයිමාන් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS