රැකියා ඇබෑර්තු 46,000 ක්



සෞදි අරාබියේ රැකියා ඇබෑර්තු හතළිස් හය දහසක් ඇති බව වාර්තා වේ.

ඔක්තෝබර් 17 දින සිට දෙසැම්බර් 15 දක්වා රියාද් නුවර පවත්වනු ලබන මාස තුනක උත්සව සමය සඳහා සෞදි ජාතිකයන් හතළිස් හය දහසක් පමණක් බඳවා ගැනීමට සෞදි රජයේ අවධානය යොමු වී ඇත. 

වැඩසටහන් 3,000ක් වැඩි සංඛ්‍යාවක් සංවිධානය කර ඇති අතර අනුග්‍රහකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වන බව වාර්තා වේ.

සෞදි රියාල් මිලියන 400ක් දැනට උපයා ගෙන ඇති බවත්, එතරම් මුදලක් උපයා ගැනීම පෙර නොවු විරූ දෙයක් බව සෞදි විනෝදාස්වාද අධිකාරියේ සභාපති සහ රියාද් උත්සව කමිටුවේ ප්‍රධානි, තුර්කි අල් ෂෙයික් පැවසීය.

2030 වන විට විනෝදාස්වාද අංශයේ ස්ථිර රැකියා 250,000ක් ඇති කිරීමට අපේක්ෂා කරන බව අල්-ෂෙයික් වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS