රහසිගත ගුවන් ප්‍රහාරයක්



ඊශ්‍රායල හමුදාවන් සිරියාවේ පිහිටි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකට 2007 වර්ෂයේදි රහසිගතව ගුවන් ප්‍රහාර එල්ල කළ බවට පිළිගෙන ඇති බව අල්-ජසීරා වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩැමස්කස් නුවර සිට කිලෝමීටර් 450ක් උතුරින් පිහිටි ඩියර්-එස්-සොර් නගරයේ ඉදිකර තිබු න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකයට 2007 වර්ෂයේ සැප්තැම්බර් 05දිනරාත්‍රියේ සිට 06 දින අළුයම වනතෙක් පැය හතරක කාලයක් තුල එෆ්-15 සහ එෆ්-16 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා යොදාගනිමින්ඊශ්‍රායලය රහසිගතව ප්‍රහාර එල්ල කර ඇත.

ප්‍රහාරයන්ට සම්බන්ධ සියලුම කරුණු මධ්‍යයට හෙළිකිරීමටඊශ්‍රායල ආරක්ෂක අංශ පසුගියදා කටයුතු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-ජසීරා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS