රටඉඳි ටොන් 7,000ක් බෙදයි



සෞදි අරාබිය රටඉඳි ටොන් 7,000ක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනට සහ රටවල් තිහකට පරිත්‍යාග කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

රටඉඳි ටොන් 4,000ක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනටද සහ ඉතිරි රටඉඳි ටොන් 3,000 රටවල් තිහකට පරිත්‍යාග කිරීමට නියමිත අතර බෙදාදීමේ කටයුතු සෞදි සලමන් රජු සහන සහ මානුෂිය ආධාර මධ්‍යස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.

සමස්ථ රටඉඳි නිෂ්පාදනයෙන් 25%ක් සෞදි අරාබිය සපයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS