රට බේරා ගත්තට ස්තුතියි



‘රට බේරා ගත්තාට ස්තුතියි’ කියමින් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට තුති පුදා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

සිරියානු ජනපති බෂීර් අල් අසාද් මේ වනවිට රුසියාවේ සෝචි නුවර සංචාරය යෙදී සිටී.

ජනපති බෂීර් අල් අසාද් කළු මුහුද ආශ්‍රිතව පිහිටි නිවාඩු නිකේතනයකදී රුසියානු ජනාධිපති පුටින් හමුවිය. රුසියානු ජනපතිවරයාට සිරියානු ජනපතිවරයා ස්තුතියි කළේ එම අවස්ථාවේදීය.

සිරියාව අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට රුසියාව මැදිහත් විය. රුසියාව එසේ මැදිහත් නොවුණා නම්, සිරියවට අද අත්වන්නේ ලිබියාවට අත්වුණු ඉරණම යැයි බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව යෝජනා ගෙන එද්දී, නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරුද්ධ වූයේ රුසියාවය.  සිරියානු ජනපති අසාද්ට දිගටම බලයේ සිටීමට හැකියාව ලැබී ඇත්තේ ද රුසියාවේ සහාය ලැබෙන නිසාය.

අද වනවිට සිරියාවේ අයි.එස්. ත්‍රස්තයෝ ප්‍රබල පරාජයක් ලැබ සිටිති. ඔවුන් අල්ලා ගෙන සිටි නගරය එකිනෙක මුදා ගැනීමටත්, සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති. ඒ, රුසියාවන් ලැබෙන සහාය හේතුවෙනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS