රජයක් පිහිටුවීම විපක්ෂ නායකයාට



ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ අවස්ථාව, එරට විපක්ෂ නායක වාමාංශික මෙන්ම දේශපාලඥයකු ද වන යාර් ලැපිඩ්ට ලබා දීමට ඊශ්‍රායල ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන බෙන්ජමින් නෙදන්යාහුගේ දේශපාලන ගමන අවසන් වීමට ඉඩ ඇතැයි ඊශ්‍රායල දේශපාලන විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව ආසන 120 කින් සමන්විතය. අවසන් වරට පසුගිය මාර්තුවේ පැවැති මහ මැතිවරණයෙන් ද බහුතර බලය හිමි කර ගැනීමට නෙදන්යාහුගේ පක්ෂයට හැකියාවක් ලැබුණි. ඊශ්‍රායලයේ වසර දෙකක් ඇතුළත පැවැති සිවුවැනි මහ මැතිවරණය මෙය විය.

ඒ සඳහා ලබා දුන් කාල සීමාව ද අවසන් වූ අතර, රජයක් පිහිටුවීමේ වගකීම යාර් ලැපිඩ්ට පැවැරීමට ජනාධිපති රෙවෙන් රිව්ලින් තීරණය කළේය. ඒ සියලු දේශපාලන පක්ෂ හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

57 හැවිරිදි යාර් ලැපිඩ් නායකත්වය දෙන්නේ වාමාංෂික යෙෂ් ටිඩ් දේශපාලන පක්ෂයටය. යාර් ලැපිඩ්, නෙදන්යාහුගේ රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ අයෙකි. ඔහු නෙදන්යාහුගේ පක්ෂයෙන් ඉවත් වූයේ, නෙදන්යාහුට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමිනි.

යාර් ලැපිඩ් පුවත්පත්වලට දේශපාලන තීරු ලිපි සැපැයූ ඇයෙකි. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2013 මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟය. යාර් ලැපිඩ් මාධ්‍යවේදියකු ලෙසත් ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත් කටයුතු කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS