රක්කා දිස්ත්‍රික්කය මුදා ගනී



ඇමෙරිකා හමුදාවේ සහාය ලබාගනිමින් සිරියාවේ රක්කා දිස්ත්‍රික්කය, දයේෂ් හෙවත් අයි.එස්. ත්‍රස්තයන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට කුර්දි සටන්කාමීන් සමත් වී ඇතැයි වාර්තා වේ.

කුර්දි සටන්කාමීන්ට අයි.එස්. ත්‍රස්තවාදීන් පලවා හැර රක්කා දිස්ත්‍රික්කය මුදා ගැනීමට ඇමෙරිකන් ගුවන් හමුදාවේ සහාය ද හිමිවී ඇතැයි ද පැවැසෙයි.

කුර්දි සටන්කාමීන් අත්වැල් බැඳගෙන සිටින්නේ ‘සිරියානු විමුක්ති බළකාය’ නමැති සන්නද්ධ සංවිධානය සමඟය.
දයේෂ් ත්‍රස්තවාදීන් සමඟ පමණක් නොව සිරියානු රජයට එරෙහිව සටන් වදින්නේ ද මෙම සංවිධානයයි.

ඇමෙරිකාව සහාය පළ කරන්නේ මෙම බළකායටය. මෙම බළකාය සමඟ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවා එක් වී සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS