යේමන ජනපති සෞදියේ



සෞදි රජු, සලමන් බින් අබ්දුල්ලා-සිස් අල්-සවුඩ් යේමන ජනාධිපති, අබ්දු රබ්බෝ මන්සූර් හාදිව ටැන්ජියර් හි පිහිටි සෞදි රජුගේ මාලිගයේදි ඉතා සුහදව පිළිගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රාජ්‍ය නායකයින් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදි, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබදව සමාලෝචනයක යෙදුනු අතර මෑත කාලයේ යේමනය තුල සිදු වු සංවර්ධනය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ බව වාර්තා වේ.

සෞදි නායකයා යේමන ජනාධිපති ඇතුළු නියෝජිත පිරිසට භෝජන සංග්‍රහයක් පැවැත් වු අතර එම අවස්ථාවට සෞදි රාජකීයන්, අමාත්‍යවරුන්සහ ඉහළ පෙලේ නිලධාරීන් සහභාගි වු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS