යුරෝපා කොමිසම සෞදිය ‘බ්ලැක් ලිස්ට්’ කරයි



ත්‍රස්තවාදීන්ට මූල්‍ය අනුග්‍රහය දැක්වීම සහ කළු සල්ලි ජාවාරම් කටයුතුවල නියැලීම යනාදී චෝදනා එල්ල වී ඇති තවත් රටවල් හතක්, තම අපලේඛනයට ඇතුළත් කිරීමට යුරෝපා කොමිසම පියවර ගත්තේය.

එසේ අපලේඛණයට ඇතුළත් කළ රටවල් අතර සෞදි අරාබිය ඉහළින්ම සිටින බව පැවැසෙයි. යුරෝපා කොමිසම මගින් මීට පෙර, රටවල් 16 ක් ඔවුන්ගේ අපලේඛනයට ඇතුළත් කරනු ලැබ ඇති බවත්, මෙම නව රටවල් 7 ද එම ලැයිස්තුවට එක් කිරීමෙන් පසු බ්ලැක් ලිස්ට් කරනු ලැබූ සියලු රටවල් ගණන 23 ක් වනු ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

යුරෝපා කොමිසමේ අපලේඛනයට ලිබියාව, බොට්ස්වානා, ඝානා, සමෝආ, බහාමාස්, ඇමෙරිකා පාලනය යටතේ සමෝආ දූපත්, වර්ජින් දූපත්, පුවර්ටෝ රීකෝ සහ ගුවාම් යන රටවල් ඇතුළත්ය. ඊට අමතරව, ඇෆ්ගනිස්තානය, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, සිරියාව, ටි්‍රනිඩෑඞ් සහ ටොබාගෝ, ටියුනීසියාව සහ යේමනය යන රටවල් ද මෙම අපලේඛනයට ඇතුළත් බව වාර්තා වේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS