යුද්ධ කරලා අර්බුදය විසඳන්න බෑ



යේමන අර්බුදයට හමුදාමය විසඳුමක් නැතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පෙන්වා දෙයි.

යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් සහ සෞදි හිතවාදී යේමන රජය අතර පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් ඉරාන ජනාධිපති හසන් රොව්හානි වැඩි දුරටත් කියා සිටී.

යේමනයේ ස්ථාවරත්වය වෙනුවෙන් සහ ආරක්ෂාව වෙනුවෙන් මැදපෙරදිග රටවල් තම තමන්ගේ පෞද්ගලික වාසි පසෙකළා තීන්දු තීරණ ගැනීම කළ යුතු බව ද ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපති රොව්හිනි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. ඒ, කටාර් එමීර්වරයාට දුරකතන ඇමැතුමක් ලබා දෙමිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS