යළි විදේශිකයන් බඳවා ගනියි



කුවේට් වෙළඳපොලේ අවශ්‍යතාවය සහ කම්කරු ගිවිසුම් මත විදේශිකයන්යළි බඳවා ගැනීමට කුවේට් රජයේ අවධානය යොමු වී ඇත.

ඊජිප්තු ජාතිකයන් විශාල සංඛ්‍යාවක් මාසිකව කුවේට් රාජ්‍යයට පැමිණෙන බවට මාධ්‍යවල පළකර ඇති සංඛ්‍යා දත්තයන් වැරදි බවටකුවේට් ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මරියම් අල්-අකීල්මහලේකම් (සැළසුම්) කාර්යාල මූලස්ථානයේදි පැවසුවා ය.

පෞද්ගලික අංශයේ රැකියා සඳහා විදේශිකයන් 1,400ක් සහ 2,200 අතර සංඛ්‍යාවක් මාසිකව කුවේටයට පැමිණෙන බවට සංඛ්‍යා දත්ත මඟීන් තහවුරු වී ඇති බව ඇය අවධාරණය කළා ය.

ඊජිප්තු ජාතිකයන් 62,000කට 2018 වර්ෂයේදි රැකියා බලපත්‍ර නිකුත් කර ඇති බවත්, ඉන් 23,000ක් අවලංගු කිරීමට සිදු වු බව ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඊජිප්තු ජාතිකයන් 577දෙනෙක් රාජ්‍ය අංශයේ රැකියා ලබාගෙන ඇති අතර බොහෝ දෙනෙක් ගුරුවරුන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS