යකා නැටූ නීතීඥයරියෝ



අබුඩාබියේ අල්-බෂා නගරයේ හෝටලයකින් අධික ලෙස මත්පැන් පානය කළ තිස්හත් හැවිරිදි යුරෝපීය නීතිඥවරියන් දෙදෙනෙක් මාර්ගයට පැමිණ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් හැසිරෙන අවස්ථාවේදී කාන්තා පොලිස් නිලධාරිනියක් එම ස්ථානයට පැමිණ කරුණු පැහැදැලි කර සමථයකට පත් කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරිනියකටද පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී ඇති බව වාර්තා වේ. 

රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරිනියකට අපහාසාත්මක ආකාරයෙන් බැණ වැදීම සහ පහරදීම හේතුවෙන් නීතිඥවරියන් දෙදෙනාට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා අබුඩාබි අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අබුඩාබි පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS