මේ වසරේ මාරු කරන්නේ නෑ



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කුමක් පැවැසුවත්, ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීම මෙම වසරේ සිදු නොවනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ඇමෙරිකන් ජනපතියරයා පවසන පරිදි, දැනට ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කෙරෙනු ඇත්තේ ලබන 2019 වසරේදීය.

කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති නෙදන්යාහු දිගින් දිගටම පවසා ඇත්තේ ඇමෙරිකන් තානාපති කාර්යාලය මෙම වසරේ ජෙරුසලමට මාරු කෙරනු ඇති බවය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමටත්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමත් සමඟ මහත් ආන්දෝලනයක් නිර්මාණය විය.

එය මැදපෙරදිග ඊශ්‍රායල පලස්තීන අර්බුදයට බාධාවක් බව බහුතරයකගේ අදහස විය. ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්ද විමසුමක් ද පැවැත්විණි. එහිදී රටවල් බහුතරය ට්‍රම්ප්ගේ තීරණයට විරෝධයක් එල්ල කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS