මිලියන 25 ක මත්ද්‍රව්‍ය අල්ලයි



ඩුබායි රේගු නිලධාරීන් එමිරේට්ස් ඩිරාමි මිලියන විසිපහකට වඩා වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

Crystal Meth නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.6ක් සහ හෙරෝයින් කිලෝග්‍රෑම් 6.4ක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර ඇත.

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වන ලද කන්ටේනරයක් තුල තිබී මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් සොයාගෙන ඇත.

රේගු බුද්ධි අංශ නිලධාරීන් සහ ජබෙල් අලී රේගු මධ්‍යස්ථානය එක්ව “Gear Box’’නමින් නම් කරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව ජබෙල් අලීරේගු මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්‍යක්ෂ, යූසෙෆ් අල්-හෂිමි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS