මැලේසියාවෙන් දැඩි විරෝධයක්



ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට  ඕස්ටේ‍්‍රලියාව ගත් තීරණයට මැලේසියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

මැලේසියාව ආසියා කලාපයේ වැඩිම මුස්ලිම් වැසියන් පිරිසක් වෙසෙන රාජ්‍යයයි. එපමණක් නොව, මැලේසියාව  ඕස්ටේ‍්‍රලියාවේ සමීපතම අසල්වැසියා ද වෙයි.

ජෙරුසලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් කැමැත්ත ලබා දීම, පලස්තීනුවන්ට පමණක් නොව, සමස්ත මුස්ලිම් ප‍්‍රජාවට කළ අවමානයක් යැයි මැලේසියාව පෙන්වා දෙයි. මැලේසියාව පමණක් නොව, ඉන්දුනීසියාව  ද  ඕස්ටේ‍්‍රලියාව ගත් තීරණයට විරෝධය දක්වා ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS