බිලියනයක මුදල් සොරකම් කරලා



ඊජිප්තුවේ පෞද්ගලික ඛනිජ තෙල් සමාගමක හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙක් සහ විධායක නිලධාරීන් දෙදෙනෙක් තෙල් සමාගමට අයත් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් වංචා කර ඇති බව වර්තා වේ. 

2011සිට 2015 දක්වා කාලය තුල ඇමරිකානු ඩොලර් මිලියන 960ක මුදලක්විදේශ බැංකුවක පෞද්ගලික ගිණුම් කීපයකට රහසිගතව යවා ඇති බවට මුලික පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන ඇත.

විධායක නිලධාරීන් දෙදෙනාගේ නම් හෙළිකර නොමැති අතර මුදල් වංචාව සම්බන්ධයෙන් සමාගමේ සභාපතිවරයාගෙන් සහ තවත් කීපදෙනෙක්ගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

මුදල් වංචාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුවන අතරහිටපු නියෝජ්‍ය සභාපතිවරයා සහ විධායක නිලධාරීන් දෙදෙනාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS