පිරිමින් එක්ක ඔට්ටු වන සෞදි කත !



අරාබිකරය දැන් දැන් වෙනස් වෙමින් තිබෙන්නේ නූතන ලෝකයට ගැලපෙන පරිදීය.මොට්ටැක්කිලි සහ බුර්කාවෙන් වසා ගත් ඒ රැව තුළ කඩිසරකම තිබෙනා බව සෞදි කතුන් පෙන්වමින් සිටින්නේ එරට පාලකවරැන් ගෙන් ලත් ආශිර්වාදයෙනි.

පිරිමි හා තමන්ටද උරෙන් උර ගැටීමට පුළුවන් බැව් සනාථ කරමින් සිටින්නියක ගැන එනම් , සෞදියේ ප්‍රථම වරට කාන්තාවක් , එරට ප්‍රධාන පෙළේ ගෑස් පිරවුම් හලක වැඩ පරීක්ෂකවරියක් ලෙස සේවය කිරීමට පියවර ගෙන ඇත.

⁣මෙලෙස සේවය කරමින් සිටිනුටේ මර්වාත් බුකාරි නැමැති හතලිස් තුන් හැවිරිදි කාන්තාවකි.ඇය සිව් දරැ මවක්ද වේ.ඇය සේවය කරනුයේ නැගෙනහිර කොබාර් ප්‍රදේශයේ ගෑස් පිරවුම් හලකය.

පිරිමින් හා හරි හරියට කඩිසර කමින් පිරවුම් හලේ සේවය කරන ඇයට සමාජයෙන් ගැරහුම් නොලැබුනාද නොවේ.ඇතැම් අය ඇයට ගරහන්නේ සෞදි කතුන් කවදද. ගෑස් පිරවුම් හල් වල වැඩ කලේ යැයි පවසමිනි.

එයට පිලිතුරු ලබා දෙමින් මර්වාත් කලීජ් ටයිම්ස් වෙත කියා සි⁣ටියේ මම ගෑස් පුරවන්නියක් නෙවෙයි. මම වැඩ පරීක්ෂකවරියක් ..අද සෞදියේ ඉන්න ඕනෑම අයෙකුට ඕනෑම රැකියාවක් කිරීමට අවසර දීලා තියෙන්නේ යැයි ඇය කීය.

සෞදියේ මොහොමඩ් කුමරු මීලග සෞදි රජු වශයෙන් පත් කීරීමට ගත් තීරණයත් සමග සෞදියේ කතුන්ට එරට ශ්‍රම බලකායට එක් වෙමින් සිටිති.බොහොමයක් කතුන් උගත් වන අතර දැනටමත් ඔවුන් විවිධ වෘත්තීන් වල නිරත වෙති.

( තිළිණි  ද සිල්වා)
කලීජ් ටයිම්ස් ඇසුරෙනි.

RECOMMEND POSTS