පැය 24 ම ඇඳිරි නීතිය



සෞදි අරාබියේ මක්කම සහ මෙඩිනා යන නුවරවල්වලට පැය 24ම ඇඳිරි නීතිය පැනවීමට සෞදි බලධාරීන් කටයුතු කර ඇත.

සෞදි ජාතිකයන්ට සහ විදේශ ශ්‍රමිකයන්ට අවශ්‍ය ආහාර මිලදී ගැනීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇති බවත්, රියදුරුට අමතරව මෝටර් රථයක රැගෙන යා හැක්කේ එක් පුද්ගලයෙක් පමණක් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.

සෞදි අරාබියේ ආසාදිතයන් සංඛ්‍යාව 1,885 ක් සහ පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

අනිකුත් අරාබි රටවල් විශාල විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාවක්  ජීවත් වන ප්‍රදේශ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS