පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයක්



අබුඩාබියේ සේවය කරන ගෘහ සේවක සේවිකාවන් හා සම්බන්ධ පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අබුඩාබි රාජ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

මෙම අධිකරණ සැලසුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, ජනාධිපති කටයුතු පිළිබඳ අමාත්‍ය සහ අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුවේ සභාපති ෂෙයික් මන්සූර් බින් සෙයිඞ් අල් නායන් විසින් සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය නායකයා විසින් ගෘහ සේවයේ නිරත සේවක සේවිකාවන්ගෙන් බලෙන් වැඩ ගැනීම, කුට්ටනය හා සේවකයන්ට එරෙහි හිංසා සපුරා තහනම් පෙඩරල් නීතියක් ඉකුත් වසරේ් සම්මත කළ අතර නීතියට අනුව ගෘහ සේවයකයන්ට තම නිල ලේඛන ලඟ තබා ගැනීමේ අයිතියද හිමිකරදෙන ලදී.

නව අධිකරණ ව්‍යුහය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ගෘහ සේවයේ නිරතවෙන ශ්‍රමිකයින්ගේ ගැටළු හා පැමිණිළි අපක්ෂපාතීව විනිශ්චය කිරීමට හැකියාව ලැබෙන අතර කඩිනමින් විසදුම් ලබා දීමටද හැකිවෙතැයි වාර්තාවේ.

විනීතා එම් ගමගේ   


RECOMMEND POSTS