පාසල් ඇරැඹෙන්නේ දෙසැම්බරයේ



නව පාසල් වර්ෂය 2020 දෙසැම්බර් 01වන දින ආරම්භ වන බව කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දෙවන අධ්‍යන වාරයේ ඉතිරි කාලය සඳහාපාසල්,විශ්ව විද්‍යාල,සහ ඉස්ලාමීය අව්කාෆ් මධ්‍යස්ථාන දෙසැම්බර් 01 වන දින නැවත විවෘත වේ.

ගෝලීය වසංගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමකින් අනතුරුව කුවේට් රජය මෙම තීරණය ගෙන තිබේ.

කොරෝනා වෛරසය(කොවිඩ්-19) ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ පාසල් සහ විශ්වවිද්‍යාල මාර්තු 25 දක්වා කල්දමන බව කුවේට් රජය මීට පෙර නිවේදනය කළේ ය.

දෙවන අධ්‍යන වාරය අගෝස්තු 4 දක්වා කල් දැමීම කාලෝචි ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍ය, සවුඩ් අල්-හර්බි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)

RECOMMEND POSTS