පාර්ලිමේන්තුව යළි රැස් වෙයි



කුවේට් පාර්ලිමේන්තුව ජුනි 16 යළි රැස් වෙන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

කොරෝනා වසංගතයට එරෙහි රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බව කථානායකවරයා ප්‍රකාශ කළ බව අධ්‍යාපන අමාත්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සෞඩ් අල් හර්බි පැවසීය.

මීළඟ සැසිවාරයේ න්‍යාය පත්‍රයේ පළමු කටයුත්ත වන්නේ, කොරෝනා වසංගතයට එරෙහි රජයේ සූදානම, කොරොනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග, ආරක්ෂිත පියවරයන්, වන්දි ගෙවීම්, ඇඳිරිනීතිය පැනවීම සහ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකාච්ඡා කිරීම බව කථානායක, අල්-ගනීම් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS