ප්‍රහාර යළි අරඹන්න ඕස්ට්‍රේලියාව සැරැසේ



එක්සත් ජනපදය ප්‍රහාරක ගුවන්යානා සිරියානු හමුදාවන්ට අයත් ප්‍රහාරක ගුවන්යානයකට ප්‍රහාර එල්ල කර බිම දැමීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ඕස්ට්‍රේලියානු ප්‍රහාරක ගුවන්යානා සිරියාවේ සිටින අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාරයන් එල්ල කිරීම නතර කර දැමීමට ගත් තීරණය වෙනස් කරන බව ඕස්ට්‍රේලියාව කියයි.

ඒ අනුව F/A-18F සුපර්හොනට්ස් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාරයන් දියත් කිරීම නැවත ආරම්භ කරන බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ ප්‍රධානි, මාර්ක් බින්ස්කින් පවසා ඇත.

ප්‍රහාරක ගුවන්යානා හයක් යොදා ගනිමින් අයි.එස් ත්‍රස්තවාදීන්ට ප්‍රහාරයන් එල්ල කරන අතරතුර දී සිරියානු ගුවන් කලාපය තුල සිදුවෙමින් තිබු දේ ඉතා හොඳින් අධ්‍යනය කර  අදාල තීරණයන් ගත් බවත් එහි තත්ත්වය ඉතා සංකීර්ණ කාරණයක් බවට පත් වී ඇති බව ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කළේය.

නැවත ගුවන් ප්‍රහාරයන් ආරම්භ කිරීම සඳහා වැඩි කාලයක් ගත නොවනු ඇති බවත් මොසුල් නගරය ඉරාක ආරක්ෂක අංශ වෙත නැවත අත්පත් කරගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව මාර්ක් බින්ස්කින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS