පළමු වරට ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරයි



සෞදි මාධ්‍යවේදිනියක පසුගිය දා එරට ජාතික නාළිකාව ඔස්සේ පුවත් ඉදිරිපත් කළාය. සෞදි කාන්තාවක් එරට පුවත් නාළිකාවක පුවත් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.

වහීම් අල් දකීල් නමැති මෙම මාධ්‍යවේදිනිය, පුවත් නිවේදිකාවක ලෙස පුවත් ඉදිරිපත් කළේ ‘අල් සෞදියා’ ජාතික නාළිකාවේ රාතී‍්‍ර 9.30 ප‍්‍රධාන පුවත් විකාශයේදීය. ඇය පුවත් ගෙනාවේ තනිවම නොව, තවත් මාධ්‍යවේදියකු ද සමඟය.

සෞදි ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් පුවත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වහීම් අල් දකීල්ට දෙස් විදෙස් කාන්තාවන්ගේ ප‍්‍රසාදය හිමිවී ඇත. ඒ, සමාජ ජාල ඔස්සේය.

සෞදිය නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කර ඇත. ඒ එරට කාන්තාවන්ට සමාජයේ වැඩි තැනක් ලබා දීමේ අරමුණ ඇතිවය.

නව ප‍්‍රකිසංස්කරණ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අදහසකට අනුව ඉදිරිපත් වී ඇතැයි පැවැසෙයි. ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කරනු ලැබ ඇත්තේ සෞදියේ සල්මාන් රජු විසිනි.

(රොයිටර්)


RECOMMEND POSTS