පළමු වරට ඉරානයෙන් කොරෝනා



ඉරානයෙන් ද කොරෝනා වයිරස රෝගීන් දෙදෙනකු හමුවුණු බව එරට බලධාරීන් අද (19) තහවුරු කළේය.

වයිරස ආසාදිතයන් දෙදෙනා සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් වැඩි විස්තර ප්‍රසිද්ධියට පත් කර නැත.

ආසාදිතයන් දෙදෙනා නිරෝධායනය කළ බවත්, ඔවුන් හා සම්බන්ධ වුණු සෙසු පිරිස් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍ය කයනෝෂ් ජහපූර් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS