පලස්තීනුවෝ 7 ක් මියයති



ඊශ්‍රායල හමුදා දේශසීමා හරහා ගාසා තීරයේ සිදු කළ රහස් වැටලීමකින් පලස්තීනුවෝ 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වැටලීම සිදු කර ඇත්තේ හමාස් සංවිධානයේ නායකයකු අල්ලා ගැනීම සඳහාය. ඊශ්‍රායල හමුදාවට සහාය දක්වමින්, ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර මාලාවක් ද එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් හමාස් සන්නද්ධ අංශයේ නායක නූර් බරකා ජීවිතක්ෂයට පත් විය.

හමාස් සාමාජිකයන් පෙරළා කළ වෙඩි තැබීමකින් එක් ඊශ්‍රායල භටයකු ජීවිතක්ෂයට පත් වුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS