නොවැම්බර් 01 පාසල් වීවෘත කරයි



ඕමානයේ පාසල් නොවැම්බර් 01 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන අතර, පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය සියළුම මාර්ගෝපදේශනයන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පත් කර ඇති උත්තරීතර කමිටුව විසින් නිකුත් කරමින් අධීක්ෂණය කරන බව වාර්තා වේ.

කොරෝනා වසංගතයේ වර්ධනයන්, පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග සහ එහි විවිධ බලපෑම් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව කොවිඩි-19 උත්තරීතර කමිටුවේ සභාපති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, සයීඩ් හමූඩ් බින් ෆයිසාල් අල් බුසයිඩි සාකච්ඡා කර ඇති අතර, එම කරණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳවද සභාපතිවරයාගේ අවධානය යොමු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS