නියමුවන් රහිත ගුවන් ප්‍රහාරයෙන් යේමන වැසියෝ මරුට



ඇමරිකානු නියමුවන් රහිත ගුවන් යානා යොදා ගනිමින් ඉරිදා සවස (අප්‍රේල්23) යේමනයේ ෂබ්වා පලාතේ පිහිටි අල්-සයිඩ් ප්‍රදේශයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් යේමන සාමාන්‍ය වැසියන් තුන් දෙනෙකු මියගොස් ඇති බව ප්‍රෙස්ටිවී වෙබ් අඩවිය වාර්තා කළේය.   

අල්-කයිඩා ත්‍රස්තවාදීන් රැගෙන යනවා යැයි සැක කර සාමාන්‍ය වැසියන් හතර දෙනෙකු රැගෙන ධාවනය කල වාහනයකට ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති අතර වාහනය අසලින් ගමන් ගත් සාමාන්‍ය වැසියන් තුන්දෙනෙකු ගුවන් ප්‍රහාරය හේතුවෙන් ජීවික්ෂයට පත්වී ඇත. 

ගුවන් ප්‍රහාරයෙන් වාහනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 

ඇමරිකා එක්සත් ජනපදය මෑත සති කීපයේ සිට යේමනයට එල්ල කරනු ලබන යුධ ප්‍රහාරයන් වැඩිකර ඇති බව පෙනෙන්නට ඇති බව ප්‍රෙස්ටිවී වෙබ් අඩවිය වාර්තා කළේය.   

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රෙස්ටීවි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS