න්‍යෂ්ටික බලාගරයට මිසයිල ප්‍රහාරයක්



එක්සත් අරාබි එමිරේටස් රාජ්‍යයේ අබුඩාබි නුවර ඉදිකරමින් ඇති අල්-බරකා න්‍යෂ්ටික බලාගරයට කෲස් මිසයිල් ප්‍රහාරයක් තම සංවිධානය එල්ල කළ බව හවුදි ත්‍රස්තවාදීන්ගේ මාධ්‍ය ප්‍රකාශක හවුදි මසිරාහ් ප්‍රවෘත්ති වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කල බව වාර්තා වේ. 

ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙබ් අඩවියේ සඳහක් කර නොමැති බව වාර්තා වේ.

එවැනි කිසිදු ප්‍රහාරයක් න්‍යෂ්ටික බලාගරයට එල්ල වී නොමැති බව එමිරේට්ස් බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණයෙන් යුතුව සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                        

(ප්‍රෙස් ටිවි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS