නව මඟී පර්යන්තයක් ඉදිවෙයි



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ නව මඟී පර්යන්තයක් ඉදිකරමින් පවතින බව වාර්තා වේ.

නව මඟී පර්යන්තයේ වැඩ කටයුතුවලින් සියයට විසි එකක් අවසන් වී ඇති බව මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය, ජෙනන් බුෂේරි පැවසුවාය.

මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුකු සඳහා කුවේට් ඩිනාර් මිලියන 224.3ක් දැනට වියදම් කර ඇති බවත්, මුළු වියදමින් 19.7%ක් වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

නව මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2016 අගෝස්තු 28 දින ආරම්භ කර ඇති අතර ඇස්තමේන්තු ගත මුළු මුදල කුවේට් ඩිනාර් බිලියන 1.32ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS