නත්තලට යන ප්‍රථම ගායකයා



එමිරේට්ස් ගායක, හුසේන් අල්-ජස්මි දෙසැම්බර් 24 දින වතිකානුවේ පැවැත්වෙන වාර්ෂික නත්තල් ප්‍රසංගයට සහභාගි වන බව වාර්තා වේ. 

වතිකානුවෙන් කරන ලද ආරාධනාව අල්-ජස්මි පිළිගෙන ඇති අතර නත්තල් ප්‍රසංගයකට සහභාගි වන ප්‍රථම අරාබි ගායකයා ලෙස ඉතිහාසයට එක් වෙයි.

මනුෂ්‍යත්වයේ ගුණාංග පෙන්වීමේ අරමුණින් ප්‍රසංගයට සහභාගි වන බව ගායකයාගේ මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය.

ප්‍රසංගයෙන් ලැබෙන ආදයමෙන් හතරෙන් එකක් යුද්ධයෙන් අනාථ වී සිටින දරුවන්ට ලබාදීමට කටයුතු කරන බව වතිකානුව නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS