නගරවලට ඇතුළුවීම තහනම් කරයි



අබුඩාබි නුවර ප්‍රධාන නගරවලට ඇතුළුවීම සතියකට තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අබුඩාබි නුවරට, අල්- අයින් සහ අල්-දෆ්රා යන නගරවලට ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව සඳහන් කරමින් රජයේ මාධ්‍ය කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පරීක්ෂා කිරීමේ අරමුණින් අදාල තහනම පැනවීමට කටයුතු කර ඇති බව රජයේ මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ ය.

වයස අවුරුදු 12 ත් 60 ත් අතර පුද්ගලයන්ට රාජ්‍ය හා පෞද්ගලික ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කළ හැකි බව අබුඩාබි ක්‍රීඩා කවුන්සිලය නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS