දෙරා නගරය මුදා ගැනීමට සටන්



සිරියාවේ දෙරා නගරය අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ සටන් දිගටම සිදුවෙමින් පවතින බව සිරියානු හමුදාව කියයි.

ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින දෙරා නමැති නගරය සිරියාවේ බෂීර් අල් අසාද්ට එරෙහිව කැරැල්ල ඇරැඹි නගරය ලෙස ද සැලකෙයි.

නගරය මුදා ගැනීමේ සටන් දරුණු වූයේ පසුගිය ජූනි 19 වැනිදා සිටය. සිරියානු රජයේ හමුදාවට මෙම නගරය මුදා ගැනීමේදී රුසියානු හමුදාවේ ද සහාය හිමිවන බව පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS