දිනුම දැක පැරදුනු ඔටුවා



සෞදි අරාබියේ අල්-ටයිෆ් ආණ්ඩුකාර ප්‍රදේශයේ පැවති ඔටු තරඟයක අවසන් රේඛාව ආසන්නයේ ඇඳ වැටීම හේතුවෙන් ජයග්‍රහණය ලබාගැනීමට සිටි ඔටුවෙක්ඉතා අවාසනාවන්ත ලෙස පරාජයට පත් වී ඇති බව වාර්තා වේ.

ඔටුවා ඇඳ වැටීම හේතුවෙන් පසුපසින් පැමිණි ඔටුවාට පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි විය.

තරඟයට අදාල වීඩියෝ දර්ශන අන්තර්ජාලයටඑක්කර ඇති අතර ඔටු තරඟ පැවැත්වීමට සෞදි ඔටුන්න හිමි කුමරුඅනුග්‍රහය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS