දැඩි විරෝධයක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට පැනැවූ සම්බාධක අද (5) ක්‍රියාවට නැංවුණු අතර, ඉරාන වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ, මීට පෙර මේ අයුරින් දළදඬු සම්බාධක පැනැවීමක් ඇමෙරිකාව විසින් සිදු කරනු ලැබ නැති බවය. ඇමෙරිකාවේ එම සම්බාධක මුල්කොට ගනිමින්, ඉරානයට ආර්ථික, වෙළෙඳ සහ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි පැවැසෙයි.

සම්බාධක සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, ඉරාන වැසියෝ දහස් ගණනින් තෙහෙරාන් නුවර දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වූහ. ‘ඇමෙරිකාවට මරණය’ යැයි කෑ කෝ ගසමින්, විරෝධතාවට එක්වූවෝ ඇමෙරිකා ධජ ගිනි තබන්න වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS