දඩ ගහන්නේ මෙහෙමයි



නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අයකරනු ලබන දඩමුදල් ප්‍රකාශයට පත් කර ඇත. වැරදි සහ අයකරනු ලබන දඩමුදල්:

  • නිවසෙන් නිකරුණේ බැහැරවන ඕනෑම පුද්ගලයන්ට ඩිරාම් 2,000ක්ද,
  • මෝටර් රථ තුල පුද්ගලයින් තිදෙනෙකුට වඩා සිටින අවස්ථාවන්වලදී රියදුරුට ඩිරාම් 1,000 ක්ද,
  • මුහුණු ආවරණයක් පැළඳ නොසිටින සහ මීටරයක දුර ප්‍රමාණය පවත්වා නොගන්නා පුද්ගලයන්ට ඩිරාම් 1,000ක්ද,
  • ස්වයං-නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකුට ඩිරාම් 50,000ක්ද,
  • රෝහලේ රැඳී නොසිටින සහ ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන ඕනෑම කෙනෙකුට ඩිරාම් 50,000
  • කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කරන ඕනෑම කෙනෙකුට ඩිරාම් 5,000ක්ද,
  • වසාදැමීමට නියෝග කර ඇති වෙළඳ ආයතන විවෘත කර තබන පුද්ගලයන්ට ඩිරාම් 50,000ක්
  • පාරිභෝගිකයන්ට ඩිරාම් 500ක්ද,
  • ඕනෑම ප්‍රසිද්ධ රැස්වීමකට,සම්මන්ත්‍රණයකට හෝ සාදයකට සහභාගී වන ඕනෑම කෙනෙකුට ඩිරාම් 5,000ක්ද,
  • සංවිධායකයින්ට ඩිරාම් 10,000ක දඩ මුදලක් නියම කෙරේ.

නැවත නැවත වැරදි සිදුකරන්නේ නම් ප්‍රකාශයට පත් කර ඇති දඩ මුදල් දෙගුණයක් වන බවත්,උල්ලංඝනය කරන්නන්ගේ ක්‍රියාවන් නිසා සිදුවන ඕනෑම අලාභ හානියකදී අදාල පිරිවැය දැරීමටදඔවුන්ට සිදුවන බව රජයේ නීතිපති දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදිගැසට්, ඩුබායි නුවර)

RECOMMEND POSTS