තොරතුරු හොරකම් කරලා



දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා භාවිතා කළ “Caller ID’’නැමති මෘදුකාංගය පරිශිලකයන්ගේ පෞද්ගලික තොරතුරු හොර රහසේ ලබාගැනීම හේතුවෙන් කුවේට් සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අධිකාරිය තහනම් කිරීමට පියවර ගෙන ඇත.

අදාල මෘදුකාංගය ස්ථාපිත කිරීමෙන් පසු ජංගම දුරකථනයේ ඇති සියලුම තොරතුරු ලබාගැනීමට හැකි වන අයුරින් මෘදුකාංගය නිර්මාණය කර ඇති බව අධිකාරිය ප්‍රකාශ කළේය.

මෘදුකාංග ස්ථාපිත කිරීමේදි වඩාත් සැළකිලිමත් වන ලෙසත් පරිශීලකයන්ගේ පෞද්ගලික  ආරක්ෂාව සැළකිල්ට ගනිමින් අදාල මෘදුකාංගය තහනම් කිරීමට පියවර ගත් බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)       


RECOMMEND POSTS