තෙල් ගනුදෙනු සාකච්ඡා



කුර්දිස්තානයට අයත් කර්කක් තෙල් නිධිවලින් තෙල් විකිණීමේ කටයුතු යළිත් වරක් ආරම්භ කරන බව ඉරාකය කියයි.

කුර්දිස්තානය යනු ඉරාකයට අයත් ස්වං පාලන ප්‍රදේශයකි.  කුර්දිස්තාන වැසියන් ස්වාධීන රාජ්‍යයක් අපේක්ෂා කරන හෙයින්, කුර්දිස්තානය සහ ඉරාකය අතර මත ගැටුම් පවතී. තෙල් විකිණීමේ කටයුතු පවා ඒ නිසා අඩපණ වී ගොස් තිබුණි.

දැන් යළිත් වරක් එම තෙල් විකිණීමේ කටයුතු ආරම්භ වන අතර, එය සිදුවනු ඇත්තේ, කුර්දි බලධාරීන් සමඟ ඇතිකරගත් පොදු එකඟතාවට අනුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS