තුර්කියේ දුම්රිය අනතුරක්



දුම්රියේ සීඝ්‍රගාමී මගී දුම්රියක් සහ තවත් දුම්රියක් ගැටීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 43 කි.

දුම්රිය ගැටුමෙන් දුම්රිය මැදිරි පොඩිපට්ටම් වී, දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී ගියේය. දුම්රිය මැදිරි තුළ සිරවුණු මගීන් එළියට ගැනීමට සහන සේවකයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

අනතුර සිදුවූයේ තුර්කියේ වේලාවෙන් උදෑසන 6 ට පමණය. ඒ, කොන්යා පළාතේය. දුම්රිය සංඳා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවුණැයි අනුමාන කෙරේ. අනතුර සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS