තුර්කියට දෙන්න බෑ කියයි



මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් යැයි නම් කළ සෞදි ජාතිකයින් තමන්ට බාර දෙන්නැයි තුර්කිය ඉල්ලා ඇති නමුත් එම ඉල්ලීම සෞදිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

"අපි අපේ පුරවැසියන් පිටුවහල් කරන්නෙ නෑ" යැයි සෞදි විදේශ අමාත්‍ය ආදිල් අල්-ජුබෙයිර් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඉකුත් ඔක්තෝබර් දෙවැනිදාය. ඝාතනයට අදාළව සෞදි අරාබිය මේ වන විට එරට වැසියන් පුද්ගලයින් 11 දෙනෙකුට චෝදනා එල්ල කර තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තුර්කියට භාර දෙන ලෙස තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සෞදි රජයෙන් ඉල්ලීමක් කළ අතර, පසුගිය බදාදා තුර්කි අධිකරණයක් විසින් අදාළ සෞදි ජාතිකයින්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම ද සිදු කෙරුණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS