තුර්කි වෛද්‍යවරුන්ට හෙදියන්ට චීන එන්නත



තුර්කි වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ සාමාජිකයන් සියලු දෙනාට චීනයෙන් මිලදී ගත් ‘සිනොවැක්ස්’ එන්නත ලබා දීමට තුර්කි රජය කටයුතු ආරම්භ කර තිබේ.

තුර්කි රජය එරට වැසියන්ට චීනයේ ‘සිනොවැක්ස්’ එන්නත ලබා දීම ආරම්භ කළේ පසුගිය 14 වැනිදාය.

තුර්කියේ ජනගහනය මිලියන 83 ක් වන අතර අදියර කීපයකින් එන්නත සියලුම තුර්කි වැසියන්ට ලබා දීමට පියවර ගන්නා බව තුර්කි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චීන එන්නත ලබා දීම ආරම්භ කළ දිනයේ පළමුවෙන්ම එන්නත ලබා ගත්තේ තුර්කි සෞඛ්‍ය අමාත්‍ය ෆහ්රෙටින් කෝකා ය.

තුර්කි රජය චීනයේ ‘සිනොවැක්ස්’ එන්නත මිලදී ගෙන තුර්කි වැසියන්ට ලබා දීමට පියවර ගත්තත්, එම එන්නත සම්බන්ධයෙන තුර්කි වැසියන්ගේ වැඩි ප්‍රසාදයක් නොමැති බව පැවැසෙයි.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS