තානාපති කාර්යාලය විවෘත කරන්නේ නෑ



සිරියාවේ ඩැමස්කස් නුවර පිහිටුවා තිබු සෞදි තානාපති කාර්යාලය නැවත විවෘත කරන බවට පළ වී ඇති වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වෙබ් අඩවි කීපයක් ව්‍යාජ ප්‍රවෘත්තිය ප්‍රචාරය කර ඇති බවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

කිසියම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් අමාත්‍යාංශය අමතන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවට දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS