තානාපති කාර්යාලය අනතුරු අඟවයි



ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර පිහිටි ඕමාන් තානාපති කාර්යාල එරට ඕමාන ජාතිකයන්ට අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ.

භූමිකම්පාවන් කීපයක් පළාත් කීපයකින් වර්තා වීම හේතුවෙන් ආරක්ෂාකාරිව සිටින ලෙස තානාපති කාර්යාලය දන්වා ඇත.

තවත් භූමිකම්පා බාලි සහ ලොම්බොක් නගරවලින් වාර්තා වීට ඉඩකඩ පවතින බව ඉන්දුනීසියානු භූ විද්‍යාත්මක හා දේශගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය දැණුම් දී ඇත.

හදිසි අවස්ථාවකදී +62816100002 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙද ඕමාන ජාතිකයන්ට තානාපති කාර්යාලය දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS