ඩුබායි පූසන්ගේ කුසගිනි නිවන අපේ සේවිකාව



මනුස්සයකු පාරේ වැටිලා හිටියත් බලන්නේ නැති මිනිස්සු ඉන්න ලෝකෙක සතුන් ගැන හිතන අය ඉන්නේ කීයෙන් කී දෙනාද?

ඒත් මේ කියන්න යන්නේ අපේ රටේ කාන්තාවක් සතුන් ගැන හිතලා ඩුබායිවල කරන අමුතුම වැඩක් ගැනයි.ඇය නමින් අශෝකා.ඩුබායිවල ගෘහ සේවිකාවක් වශයෙන් අවුරුදු 09 කට වැඩි කාලයක් සේවය කරන අශෝකා ඒ අවුරුදු 09 පුරාවටම එරට වෙසෙන වීදී බළලුන්ට පුරුද්දක් වශයෙන් කෑම ලබාදෙමිනි.

සතියේ සෑම දිනකම සවස 05 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ පසුගිය අවුරුදු 09 පුරාම ඇය මෙම සේවය සිදු කර තිබෙනවා. අශෝකා ඇයගේ දවසේ ගෘහ සේවය අවසන්ව නිවසට පැමිණි මොහාතේ සිට ඩුබායිහි ජීවත්වෙන අයාලේ යන බළලුන්ට පුරුද්දක් වශයෙන් කෑම ලබා දෙනවා.

ඇය සැම දිනකදීම සවස් 5 සිට රාත්‍රී 9 දක්වා පසුගිය අවරුදු 9ක් පුරාම මෙම සේවය සිදුකර තිබෙන්නේ ඇයට ලැබෙන සුළු පඩියෙන් වීම තවත් විශේෂත්වයකිත

අපේ ලාංකිකයෝ වාර්තා තියන්න හරි දක්ෂයි. හොඳ වාර්තා සහ නරක වාර්තා දෙකටම හපන්නෝ.ඒත් මේ අශෝකා දුන්න ආදර්ශය ලංකාවේ අපිට මෙන්ම ලෝකයේ හැමෝටම වැදගත් වෙනවා.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS