ඩුබායි පාලකයා බිල ගෙවලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට නිවාඩුවක් ගත කිරීම සඳහා රුසියානු මවක් සහ දියණියන් දෙදෙනක් පැමිණ ඇති අතර හදිසි හෘදයාබාධයකින් මව පෞද්ගලික රෝහළකට ඇතුලත් කර ඇත. 

රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු මව මියගොස් ඇති අතර සියලුම වෛද්‍ය කටයුතු සඳහා එමිරෙට්ස් ඩිරාම් 840,000ක මුදලක්වැය වී  ඇත.

අසරණ වී සිටි රුසියානු දියණියන් දෙදෙනාට පිහිට වී මවගේ දේහය රුසියාවට යැවීමට සහ රෝහල් ගාස්තු ගෙවීමට ඩුබායි පාලකයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS