ඩුබායි පලකයා ඉන්ටර්ග්‍රෑම් නායකයන් 10 අතරට



ඩුබායි පාලක, සයීක් මොහොමඩ් බින් අල්-මක්ටුම්ගේ ඉන්ටර්ග්‍රෑම් සමාජජාලය ගිණුම තුල ඔහුගේ අනුගාමිකයින්ගේ සංඛ්‍යාව මිලියන 2.35ක් දක්වා වැඩිකර ගැනීමට සමත්වී ඇති අතර ඉන්ටර්ග්‍රෑම් සමාජජාලය භාවිතා කරන ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකින් 10 දෙනා අතරට පැමිණීමට හැකිවී ඇති බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය සදහන් කොට ඇත.

Burson-Marsteller ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ඩුබායි පාලකයා විසින් පල කරනු ලබන ඡායාරූප හෝ විඩියෝ වලට මිලියන් 6.6ක වඩා වැඩි කැමැත්තක්සහ අදහස් (likes සහcomments ) පල කරන බව වාර්තා වන අතර ලෝක නායකයින් 325දෙනෙකුගේ සමජාජාල ගිණුම් අතුරින් ඉදිරියට ඒමට ඔහු සමත්වී ඇත.

ඩුබායි පාලකයා විසින් පල කරනු ලබන ඡායාරූපයකට හෝ විඩියෝවකට අවම වශයෙන් 35,966ක අනුගාමිකයින් ප්‍රමාණයක් සිය කැමැත්ත ප්‍රකාශ කරනු ලබන බව වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ඉන්දීය අගමැති,නරේන්ද්රමෝඩි ඉහළින් සිටින රාජ්‍ය නායකයාය. මිලියන 6.8ක අනුගාමිකයින් සංඛ්‍යාවක් ඔහු සතුව ඇති බව වාර්තාව පෙන්වා දෙන අතර ඉන්දීය අගමැතිවරයාට ආසන්නයට ලගාවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට්ට හැකිවී ඇත. ඔහු සතුව ඇති අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 6.3 වේ.

හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ජනාධිපති ධූරයෙන් සමුගැනීමෙන් පසු මිලියන 13.8ක අනුගාමිකයින් සංඛ්‍යාවක් ඔහු සතුව ඇත. 

Burson-Marsteller ආයතනය මගින් කලින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවන්ට අනුව ටුවිටර්, ෆේස්බුක්, ඉන්ටර්ග්‍රෑම්, යුටියුබ්, ගූගල් ප්ලස්, වැනි විවිධ සමාජජාල ඔස්සේ මිලියන 7.75ක අනුගාමිකයින් පිරිසක් ඩුබායි පාලකයා සතුව සිටි අතර ඔහු ලෝකයේ ඉහලම නායකයා බවට පත්වු බව පෙන්වා දෙයි.

මිලියන 15කට අධික විවිධ සමාජජාලයන් අනුගාමිකයින් හරහා ලෝකයට බලපෑමක් එල්ල කල හැකි ලෝක නායකයෙක් ලෙස ඩුබායි පාලක සයීක් මොහොමඩ් බින් අල්-මක්ටුම් පත්වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS