ඩ්‍රෝන හෙලිකොප්ටරයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය “ගමූෂා’’ නමින් ඩ්‍රෝනා හෙලිකොප්ටරයක් නිෂ්පාදනය කර එළිදක්වා ඇති බව වාර්තා වේ.

සිරස් අතට ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ හැකියාව ඩ්‍රෝනා යානයට ඇති අතර ඉහළ හැකියාවන්ගෙන්ද යුත්ත වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ජනාධිපති කටයුතු අමාත්‍ය, ෂෙයික් මන්සූර් බින් බේඩ් අල්-නහියාන් එමිරේට්ස් රාජ්‍යය නිෂ්පාදනය කළ පළමු ඩ්‍රෝනා යානය එළිදක්වා ඇත.

“ගමූෂා’’ ඩ්‍රෝනා යානය, මිනිසුන් රහිත සැහැල්ලු හමුදා ගුවන් යානයක් වන අතර, කිලෝග්‍රෑම් 100 ක පමණ බරක් ගෙන යෑමේ හැකියාව ඇත.

ඩ්‍රෝනා යානයට පැය හයක කාලයක් සහ කිලෝමීටර් 150ක දුරක් ගමන් කිරීමේ හැකියාව පවතියි.

ගෑස් නල කාන්දුවීම්, යටිතල පහසුකම් සමීක්ෂණය කිරීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වැනි තීරණාත්මක මෙහෙයුම් සඳහා යොදා ගැනේ.

නිෂ්පාදනය කරන ලද නව ඩ්‍රෝනා හෙලිකොප්ටර යානයෙන් සමස්ත මෙහෙයුම් පිරිවැය අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS