ටි‍්‍රපොලි අගනුවරට වතුර කපලා



ලිබියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා කැරැලිකාර හමුදා සොල්දාදුවන් සහ ඔවුන්ට හිතවාදී සන්නද්ධ කල්ලි මේ වනවිට ටි‍්‍රපොලි අගනුවර වටකර ඇති බවත්, නගරයට ජලය සැපැයීම නැවැත්වීමට පියවරගෙන ඇති බවත් වාර්තා වේ.

ගඩාෆි පාලනයෙන් පසු ලිබියාවේ පවතින්නේ එක්සත් ජාතීන්ගේ මෙහෙයවීමෙන් පිහිටුවූ රජයකි. ලිබියාවේ පළාත් රැුසක් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තවාදීන් සතුව පවතින අතර, ත‍්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරු රැසක් ද ලිබියාවේ කි‍්‍රයාත්මක වෙයි.

ලිබියා රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නේ හිටපු හමුදා ප‍්‍රධානී ජනරාල් හෆ්තාර්ය. ජනරාල්වරයාට සෞදියේ, ඇමෙරිකාවේ පමණක් නොව රුසියාවේ ද සහාය හිමිවන බව පැවැසෙයි. ජනරාල් හෆ්තාර් අයි.එස්. විරෝධියෙකි.

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර වෙනුවෙන් සටන් ආරම්භ වුවහොත් ලිබියාවේ තවත් වසර ගණනාවක් දරුණු යුද්ධයක් නිර්මාණය වනු ඇති බවට විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS